මොකද මේ වෙන්නේ..............

අම්මෝ..... මාර අවුවක්නේ වැටෙන්නේ...ඇත්තතමයි හරක් වෙන අපිටනම් හරිම අමාරුයි මේක දරාගන්න.අපිව වේලිලා....ඔයාල නොහිතන තරම් අපි වෙලිලා......මට කියන්න මගේ යාලුවනි කොහෙද තන කොල තියෙන්නෙ...........පින් සිද්ද වෙයි කියන්න...... බඩගිනියි.....මට කියන්න මේක ඉල්ලීමක්,තනකොල කොහෙද තියෙන්නේ......?

හරි කමක් නෑ..අපි හරක්නේ.අපේ ප්‍රස්න අපිම විසද ගන්නම්කෝ..මට වෙලාවකට හිතෙනවා මේ වේලිල්ලට තනකොල, ගහකොල වේලිලා වගේම මිනිසුන්ගේ ඔලු ගෙඩි ඇතුලේ තියන මොල ගෙඩිත් වේලිලා කරකුට්ටං වෙලාද කියලත්.මේ ඊයේ පෙරේදා දවසක අම්මා කෙනෙක් තමන්ගේ දරුවව කැලනි ගගෙන් පහලට විසි කරලලු නේද.....?මමනම් පිලිගන්නේ නැහැ ඒ අම්මා ඒක සිහියෙන් කරපු දෙයක් කියලා.අනිවාර්යෙන් ඒ අම්මගේ මොලේ කරවෙලා.....මේ දේවල් වලට ඒ අම්මට කවුරුත් බනින්න එපා....ඒක එයාගෙ වරදක් නෙමෙයි.....සම්පූර්න වැරදි කාරයා උඩ ඉන්න ඉර දෙයියෝ......නැතුව හත් දෙය්යනේ ඔය කරපු අසමත් ජාති වැඩේ පියවි මොලයක් තියන ගෑනියෙක් අතින් වෙන්න පුලුවන්ද...? ඒ අම්මට ශාප කරන්න එපා...ඕනම දෙයක් සිදු වෙන්න හේතුවක් තියනවලු නේද?මේකට තනිකරම හේතුව මේ පෑවිල්ල.

තවත් දෙයක්.....දැන් බලන්න ඔයාල,අපි පහුගිය දවස්වල බොහොම ආදරයෙන් කතාකරපු,ගෞරව කරපු අපේ වීරයන්ට දැන් මොකද වෙලා තියෙන්නෙ.....?උන් දැන් හරක් වෙන අපිටත් වඩා අන්තයිනේ....අර අලුගෝසුවගෙන් මේ රට බේරගන්න බොහොම කැපවීමකින් එකට සමගියෙන් කටයුතු කරපු මේ ගොල්ලෝ දැන් නයි වෛරක්කාරයෝ වෙලා නේද....?සාමාන්‍ය ඔලුවක් තියන අය ඔහොම කරන්නෙ නැහැනේ..අනික මේ හරක් මොල වගේද එයාලගෙ මොල.....?බොහොම දැන උගත් උදවියනේ..ඔය මොකුත් නෙමේ වෙලා තියෙන්නේ...පෑවිල්ලට ඔලු කරවෙලා වේලිලා..කොටින්ම කීවොත් දැන් එයාලගේ ඔලු කට්ට ඇතුලේ තියෙන්නේ වේලිලා ඇඹරුනු කොප්පරා බෑවක් වගේ එකක්. .......සම්පූර්න වරද උඩ ඉන්න ඉර දෙය්යන්ගේ....පෑවිල්ල වැඩි කමට අපේ මහ උන්ගේ මොලේ කරවෙලා....

හොදයි...ඒවා අල්ලලා දාමු.කවදා හරි වැහැපු දාක ඕවා විසදේයි කියලා කියමුකෝ... මේ බ්ලොග් එක මමයි මගේ,අතිජාත ගොන් මිත්‍රයයි පටන් ගත්තට පස්සේ අපේ දයාබර යාලුවෝ අපිට ගොඩක් දිරි ගැන්වීම් කලා , කරමින් පවතිනවා...ටිකක් වෙනස් ආරක බ්ලොග් එකක් පවත්වාගන යන්න හිතන අපි දෙන්නට ඔබව ලොකු ශක්තියක්....ආරම්බයේදීම අපිව දයාබරව පිලිගත්ත ඔයාලට බොහොම ස්තූතියි...පොඩි දෙයක් තියනවා කියන්න..මට මතකයි අපේ මිත්‍රයෙක් කොමන්ට්ස් එකක කියලා තිබුනා බ්ලොග් කියවනයට ගොනෙකුයි,මීමෙකුයි විතරයි අඩු වෙලා තිබුනේ,උබලත් වරෙල්ලා කියලා.....නෑ තව මේකෙ හරකෙක් ඉන්නව.මම දන්නෙ නෑ ඒ හරකා බ්ලොග් කියවන එකෙක්ද ලියන එකෙක්ද නැත්නම් ඒ දෙකම කරන එකෙක්ද කියලා...මම මේ කියන්නේ මීට කලින් මම ලියපු පෝස්ට් එකට කුනුහරප කොමන්ට්ස් එකක් ලියපු හරකා ගැන.....ඒ මෝඩ චූන් වහුපැටියට මේ කියන්නේ ඒ කොමන්ට්ස් එක අපි මකන්නෙ නෑ..මොකද හරක් වෙන අපි කැමතියි තව හරකෙක් පාලුවට වගේ තියාගන්න......
මීමා
9 Responses
  1. ගොනා Says:

    අ හා මසුරන් පෝස්ට් එක..මට නිනවු හැටියට බොලං අර දරු පැටියා ව්සුක්කොලේ කලු ගඟට..මොලේ කරකුට්ටං වුනාම වෙන සංතෑසිය දැන්නෙ බොල තෙරුනෙ.. අපිට කන්ඩ නැති වුනාට එලුවන්ට නම් හරි ජයයි මේ දවස් වල.


  2. මාත් ආවා ඔයාලව බලන්න.
    ලස්සනයි වැඩේ.
    හොඳින් කරගෙන යන්න...මේං සුභ පැතුම්...


  3. Anonymous Says:

    වරදවා තේරුම් ගන්න එප හොදේ. ........ එතරම් මේක වැදගත් නැති වෙන්න පුලුවන්..... එත් : තන : වෙනසත් : තණ : වෙනසත් ගැන චුට්ටක් හිතුවොත් ...................??????? මීමෙක් කියල තියෙන නිසා කමකුත් නෑ.


  4. අර මැදදි කියල තියනව ෙන්ද යුද්ෙද ගැන
    100% ක්ම අැත්ත
    අර අහින්සක ෙයක්ව හිෙර් දාෙගන ඉන්නව
    මුන්ෙග ෙමාල කර ෙවලා ෙනෙමි
    මොල ගෙඩි නැති ෙවලා


  5. RRN Says:

    මමත් බැලුවා...ඕන් ඉතින් අපේ බ්ලොග් එකටත් උදව්වක් එහෙම තියෙනවනම් දීල යන්න http://tharindugeadaviya.blogspot.com/


  6. Weni Says:

    මන් දන්න කාලෙ ඉඳන්ම මන් පාවිච්චි කරන අවතාර් එක ගොනෙක් තමයි..මගෙ යාලුවො වෙන්න ඕනි ඔය දෙන්නත්..හැබැයි කුනුහරුප ලිව්ව හරක එක්ක නම් කිසිම සම්බන්දයක් නැහැ.. ලියන්න ඕනි දෙයක් අපිත් ඇවිත් කියවන්නම්


  7. ලස්සනට ලියල තියෙනව යාලු!!


  8. නියමට ලියල තිනවා පොස්ට් එක..
    අව්වේ තින රස්නෙට මොලෙ විකිරණය වෙලා, එකනේ ලමයි ගගට විසිකරන්නේ...
    පිස්සු හැදෙයි.


  9. නියමට ලියල තියනවා. වැදගත්



    lankeeya sithuwili

    Followers