ඔන්න මමත් ආවා..........

වැඩේ හරි ගිහිල්ලා නේද?........හිතට ගොඩක් සතුටුයි.මම හිතුවා මමයි, මගේ ගොනා මිත්‍රයයි හදපු බ්ලොග් එකට අපි යොදා ගත්ත නම හින්දම අපිව සින්ඩියට ගන්නෙ නැතුවාවත්ද කියලා....කොහොම උනත් යම් කාලයක් හරි ගිහිල්ලා අපිව සින්ඩියට ඇතුලත් කර ගත්තු ඒ දයාබර හිතවතුන්ට මෙන්න මීමාගෙනුත් දයාබර ස්තූතිය............

අර මම කීවා නේද නම අපිට බාධාවක් උනාද කියලා මට හිතුනයි කියලා....ඇත්තටම අපි ඇසුරු කරන මේ විච්චූරන සමාජයේ "ගොනා,මීමා" කියන දෙන්නටම තියෙන්නෙ පහත් පිලිගැනීමක්.හැබැයි අතීතයේදීනම් මේ දෙන්නා සමාජයේ ඉහලින්ම සැලකුම් ලබපු කොටසක්.ඒ කලගුන සලකපු,මුල අමතක නොකරපු සමාජයක.අද බොහෝ දුරට වෙන්නේ මේ සතුන් දෙපල මුලු ජීවිත කාලයම මිනිසුන්ට බැල මෙහෙවර කරමින් ඉදලා අවසානයේදී මිනිසාගේම කුසට අහරක් වෙන එකයි.
කොහොම හරි සින්ඩියට අඩුවක්ව තිබුන හරක් දෙන්නත් ඔන්න දැන් ඇවිත් ඉන්නෙ.මේ වෙලාවෙ මෙය කියවන අපේ ද්යාබර යාලුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.ඒ තමයි අපිව විවේචනය කරන්න.අපි හොදක් කියපු වෙලාවට පැසසුම් කරනවට වඩා උවමනා වෙන්නෙ වරදක් කරද්දී ඒක විවේචනය කිරීම.මොකද මේක දෙන්නෙක්ගේ වැඩක්.........
අදට මම නවතින්නම්.ඉදිරියේදී හමුවන තෙක් පතනවා ලංකාවට හැකි ඉක්මනින් වැස්සක් කඩා වැටෙන්න කියලා................
මීමා
6 Responses
  1. අලුත් විධියට අලුත් තාලෙට බ්ලොග් ලියන්නට ආ ඔබ දෙපලට සුභ පැතුම්...


  2. ගොන්නුයි මීමොයි මිනිස්සුන්ට වඩා කොහොමත් හොඳයි බං
    ඒක නිසා ලියාගෙන යංකො.. විවේචන ලැබෙයි ඇති වෙන්නම.
    සුබ පැතුම්!


  3. Anonymous Says:

    සමනලී‍ගෙනුත් සුභ පැතුම්.....!!!!


  4. Anonymous Says:

    Pala kari ponnya


  5. බිඟූ Says:

    මොකාද මේ කුනුහරුප ලියන එකා...
    කුනු හරුප ලියන්න ඕනෙම නම් නමත් එක්ක ලිව්වා නම් හරිනේ.
    හැන්ගිලා ලියන්නේ...
    චිකේයා...

    /බිඟුවා...!


  6. ගොනා Says:

    බිඟු මහත්තයට ස්තුතියි..මතවාදීව ගැටෙන්නෙ නැතුව මෙහෙම බොලඳ වැඩ කරනකොට අපිට දුකයි. ඇත්තටම ඒක ලියපු කෙනා පිරිමියෙක්නම් නම ලියන්න තිබුනා.මා හිතවත් මීමා මේකට උත්තර දීලා තිබුනා අලුත්ම පෝස්ට් එකෙන්..
    http://gonaimeemai.blogspot.com/2010/03/blog-post_20.html



    lankeeya sithuwili

    Followers