ආයුබෝවන්.........!

මුලින්ම කියන්න ඕනේ මෙ බ්ලොග් එක යාලුවො දෙන්නෙක්ගේ සාමූහික නිර්මාණයක් බව. "ගොනයි - මීමයි" කියලා අපි විසින්ම හදුන්වා ගත්තු අපි දෙන්නා කාලයක් ඉදන්ම බොහොම හොඳ යාලුවෝ.ඉස්සර අපි හිටියේ එකටමයි. අපි කතා නොකල, විවාද නොකල මාතෘකාවක් නැති තරම්. වෙලාවකට අපි තමයි මේ ලෝකෙ හිටපු හොදම පන්ඩිතයෝ, වෙලාවකට සුපිරිම මොඩයොත් අපි නේද කියල අපිට හිතුනු වෙලාවලුත් අනන්තවත් අපිට තිබුනා..... හැබැයි අපි කතාකලා.. විවාද කලා.. ඒ දේවල් අද මෙනෙහි කරද්දී අත්තටම හිතෙනවා අපි ඒවායින් යම් කිසි පන්නරයක් ගත්තයි කියලා.
ඉතින් කාලයත් එක්ක පහුකාලීනව අපි ගොඩක් දුරස් උනා. මොකද?... ජීවිතය විසින් අපිට පවරපු වගකීම් වලදී ඒවට විසදුම් හොයන්න දෙන්නා මාවත් දෙකක් තෝරා ගත්තු නිසා. බොහොම කාලෙකට පස්සෙ දෙන්නා හමු උනා. අන්න ඒ වෙලාවෙ අපි දෙන්නා දැන ගත්තා යම් දෙයක්. ඒ තමයි දෙන්නා කතා කරන එක, ලියන එක තාම නවත්වලා නෑ කියන එක. අනේ කතාකරගන යද්දී අපි දෙන්නම සිංහල බ්ලොග් කියවනය තුල ඉදන් එදා පුරුද්ද දිගටම පවත්වාගන ගිහිල්ලා...... ඉතින් ඊට පස්සෙ අපේ අදහස් උදහස් වල නැත්නම් සාකච්ඡාවල ප්‍රතිපලය තමයි මෙන්න මේ ගොනයි - මීමයි......... අපි තීරනය කලා එදා අපි ලෝකය දැකපු හැටි සාකච්ඡා කලා වගේම ඉදිරියටත්, දෙන්නා මේ ලෝකේ කොතනක හිටියත් කතා කල යුතුයි, විවාද කල යුතුයි කියලා. එදා අපිට අපි හිතන දෙවල් කියන්න කවුරුත් හිටියෙ නෑ. නමුත් අද අපි දෙන්නම දන්නවා අපිව විවේචනය, එහෙමත් නැත්නම් අපිව නිවැරදි කරන්න දයාබර ඔබ අපි සමඟ ඉන්න බව. ඉතින් ඔන්න ඔහොමයි "ගොනයි - මීමයි" සිංහල බ්ලොග් කියවනය තුලට ඇතුල්වෙන්නේ. එහෙනම් ඔන්න "බවතු සබ්බ මංලම්" කියලා අපි අද මේ බ්ලොග් අඩවිය සින්ඩියට එකතු කරනවා. හමුවෙමු ඉදිරියේදී දයාබරව, එතෙක් ..............
උම්බෑ..................
"ගොනයි - මීමයි"

    ලැජ්ජා විරහිත ලෙස
    ඇත්ත ඇස්පනාපිටම
    වසන් කරන
    මිනිසුන්ගෙන් පිරි
    සමාජයක,
    අතලොස්සක් වන්
    සත්‍යගරුක සහෘදයනි...
    විවිද මතිමතාන්තර වල
    හැල හැප්පෙමින්
    අතොරක් නැති
    ජීවන කතරේ
    පියමන් කරන
    හිතවතුනි...
    හිතමු... කියමු...
    දකිමු... සත්‍යය...
    ඒ සදහා අවැසිම දේ
    සංවාදයයි...
    මේ...
    ඒ සදහා වන පුලුල්
    කතිකාවතක
    පෙල ගැස්මයි...



    lankeeya sithuwili

    Followers