සින්ඩි වලට ආ ගොනයි මීමයි

පහුගිය දොහක මීමා හම්බුනා. දැන් එයත් ඉන්ටර්නෙට් පාවිච්චි කොරනවලු.. ඉතින් දෙන්නත් එක්ක කතිකා කොරගෙන බ්ලොග් එකක් ලියන්නයි කල්පනාව. ගිය අවුරුද්දෙ අන්තිම මාසෙ දෙන්නත් එක්ක මේ බ්ලොග් එක හැදුවා කියමුකෝ. ඔන්න ඊට පස්සෙ සින්ඩියට ඉල්ලුම් කොලා.. අනේ උත්තර ආවෙ නෑ නොවැ. මීමටයි මටයි හරිම විස්සෝපයි. ඉතින් මක් කොරන්නද තව බලන් හිටියා. ඔන්න ඔය අල්ල පනල්ලෙ තව සින්ඩියක් ආවා ලාංකීය සිතුවිලි කියලා. ඒකට ඉල්ලුම් කොලා. වැඩේ හරි ගියා. ඒක හදපු මහත්තුරුන්ටත් ස්තුතියි ඔන්න.ඒ සංතෝසෙටත් එක්ක ඔන්න ආයෙම සිංහල බ්ලොග් කියවනයට ඉල්ලුම කොලා.. එත් ඉතින් ඊ මේල් එක බලන්න උනේ නෑනෙ ටික දොහකින්. අද උදේම බලද්දි මෙන්න බොලේ කාලිංග මහත්තයා උත්තර එවලා. ඒ මහත්වරුන්ටත් ස්තුතියි ඔන්න. දැන් ගොනයි මීමයි දෙන්නා සින්ඩි දෙකකම ඉන්නවා. ඔන්න එහෙනම් අයුබෝං කියලා වැඩේ පටන් ගත්තා. ආයෙ ලඟදිම හමු වෙමු.. මේ දවස් වල කන්න තණකොල ගහක්වත් නෑ නොවැ. පුදුම පෑවිල්ලක්නෙ. කන්ඩත් නැති එකේ හිත පිරෙන්නවත් පොරොතිචාරයක් දක්වලා යන්න....පවුනෙ...
12 Responses
  1. හනේ ගොනෝ.........
    එහෙනං ආයුබෝං සිංහල බොලොග් කොරණෙට.....
    උං....බෑ කීවට කමක් නෑ ඔයා දිගටම ලියන්න.


  2. Buddhi Says:

    සින්ඩියට ගොනෙකුයි මීමෙකුයි විතරයි මගෙ හිතේ අඩුවට හිටියෙ. දැං ඉතිං උං දෙන්නත් ඉන්නවනේ. අපි දිගමට මඩුව පැත්තෙ එනවා.අලුත් දෙවක් කරනවනං. මගේ සුබ පැතුම්!


  3. පිටේ වහන්න මාත් එන්ඥන්


  4. උම්බෑ කියා සාදරයෙන් පිළිගන්නවා.


  5. වැප් Says:

    ඔං මගෙනුත් තණ කොළ මිටක් --- හරි "න" නේද දලා තියෙන්න් මං


  6. Chandimal Says:

    වැදගත් ලිපි ලියන්න
    මම අලුත් සින්හල බ්ලොග් එකක් ලියනවා. බලන්න එන්න.
    blog.quickcustomer.com


  7. ගොනා Says:

    පොරොතිචාර දීපු හැම මහත්තයෙකුටම ස්තුතියි.ඉක්මනින් හොඳ ලියුමක් ලියන්නම්.


  8. Says:

    වෙල් කන් කීවා එහෙනම්
    චියර්ස්ස්ස්ස්ස්!!!!



  9. සාදරයෙන් පිලිගන්නවා..


  10. Naya Says:

    ඇත්තම කියනවනම් මේ නම නිසයි මුලින්ම බ්ලොග් එක පැත්තෙ ආවේ..දිගටම ලියන්න..සුභපැතුම්..!


  11. දිගටම ලියන්න,......
    ඉස්සරහට කිරි දොවා ගන්නත් පුලුවන්නේ?
    හි හි හි.. (විහිළුවක්)

    බොක්කෙන්ම සුභ පැතුම්...!



    lankeeya sithuwili

    Followers